.................තුවාලය...............
ආදරය.....මුළාවක්.. ජීවිතය ම වේදනාව ට පත් කරන පතුල නොපෙනෙන ඇට මස් නහර දක්වා පසාරු වී කිඳා බහින තුවාලයක්... තට්ටු කරලා ඇතුල්වන්න ට තරම්වත් සංයමයක් තියෙනවා තියා,ඇරයුමක් නැතුව ම,.. නොහොබිනා විදිහට ජීවිතේ මැද්දට කඩා පාත් වන්නට පමණක් දන්නා හරි ඇට්ටර පෝරිසාදයෙක්... 'ඔහු' ඉදිරියේ ඇය ඇත්තටම අසරණයි... ලේ ගලන ඕනම හිතක් ආදරය ඉදිරියේ නිරුත්තරයි... මහා විසල් හද දොර හැරගෙන,පපුව හිරිවට්ටන් හමාගෙන යන ඒ සිතුවිලි කුණාටුවට ඉඩ දීලා,ජීවිතයම උඩියටිකුරු කරගෙන යන්නට එන අනාරාධිත ආදරය ළඟ කඩා නොවැටෙන හිතක් ගැන ඇය දැනගෙන සිටියේ ම නැහැ...ඇය ට දැන ගන්නට වුවමනා වුණෙත් නැහැ.... ඇය කළ එකම දෙය ඕනම විටක ජීවිතය ට ගොඩවෙන ආදරයන් බොහොම පරිස්සමට පිළිඅරන් අප්‍රමාණ සෙනෙහසින්.,ඇගේ වියළි ආත්මය තුළට පූරවා ගැනීමක් පමණි...ඇය ආදරයට ආදරය කරන්නට පමණක් තීරණය කරගෙන තිබුණි... විටෙක එපාවීම්....විටක හිරිවැටීම්...විටක මහා විලාපයක් නංවන හිත විටක මෘතදේහයක් මෙනි....කොහේ ද ඇය සොයන ආදරය??ඇය පිස්සියක් මෙන් ජීවිත ගමනේ අතරමංව ආදරයේ විසල් සෙවණක් හොයමින් හිඳී ,විඩා නිවා ගන්න....මේ සෙවිල්ල ඇයට දැන් ඇති වෙලා ය.. ඇය ලද සැනසීමක් මේ ජී...