පැතුම...

ම' සිත් අහසට
 සඳක් වනු මැන...!
අමාවක දා බැස නොයන්න ට ....
ගත සිසිලවන
 ගඟක් වනු මැන...!
ගිම්හානයේ සිඳි නොයන ට...
සිනා දෙතොල'ඟ
 තවරවනූ මැන...!
සැනින් පරවී නොයන්න ට...
දිවි පුරා
 පෙම්වතෙකු වනු මැන...!
කාලයේ නොවෙනස් ව යන්නට...

Comments